ගෙදර ඇති කරන පූසෙක් කියන්නෙම ප‍්‍රතිවිරෝධයක්. මිනිස්සු එක්ක ඒ තරම් තද බැඳීමක් තියෙන ගමන්ම තමන්ගේ ස්වාධීනත්වය නිදහස එකට පවත්වාගෙන යන වෙන කිසි සතෙක් නෑ. බල්ලා මිනිසාගේ හොඳම යාලුවා වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ හිතුමතේ වත්තෙන් වත්තට හෝ පාරෙන් පාරට ඇවිදින්න යන බල්ලො අඩුයි. කීකරු බල්ලෙක්ව ඇවිදින්න එක්කගෙන යන්න ඔ්න. ඒත් හිත හයිය පූසෙක් යන්නෙ එන්නෙ තනියම.
පූසෙක් ගත කරන්නෙ දෙබිඩි ජීවිතයක්. ගෙදරදි හාම්පුතුන්ට හුරතල් පූස් පැටියෙක්. ඒත් එලියෙදි ඌ වැඩිහිටි, තමන්ගෙ ලොක්කා තමන්ම වුණු නිදහස් කැලෑ සතෙක්. සූක්ෂමයි, තනිව පවතින්න පුළුවන්. ගෙදර හාම්පුතුන් ගැන මතකයක් හෝ නෑ. මේ හීලෑ හුරතලා ඉඳන් කැලෑ සතා දක්වා ඒ අතට මේ අතට සිද්ද වෙන වෙනස බලන් ඉන්න ලස්සන එකක්. තමන්ගේ හුරතලා සෙක්ස් හෝ වයලන්ස් වෙනුවෙන් සූදානම් වෙන හැටි දැකපු ඔ්නම පූස්පේ‍්‍රමියෙක් මේක දන්නවා. පූසෙක් ආලිංගන ක‍්‍රියාවලියෙ ඉන්ටෙන්සිටි එකට සම්පූර්ණයෙන් බැඳී වෙලී සිටින මොහොතක්. ඒ වෙලාවෙදි ඇස් කොනකින් පූසා දකිනවා තමන්ගේ හාම්පුතා බලාගෙන ඉන්නවා.. මොහොතකට පූසා මේ භූමිකා දෙක අතර වල්මත් වෙනවා. ඊළ`ග මොහොතෙ ඌ අකමැත්තෙන් වුනත් හුරතල් පූස් පැටියාගෙ චරිතයට මාරු වෙනවා. දුවගෙන ඇවිත් හාම්පුතාගෙ කකුල්වල දැවටෙනවා.
ඇති කරන පූසන්ගේ හා බල්ලන්ගේ ඇති වෙනස නිසාම පූස් පේ‍්‍රමින් සහ බලු පේ‍්‍රමීන් අතරත් වෙනස්කම් තියෙනවා. ඒක මූලිකවම නිදහස් සිතීම සහ ක‍්‍රියාව සම්බන්ධ පුද්ගල පෞර්ෂයට බද්ධයි. කලාකරුවන් පූසන්ට පේ‍්‍රම කරන අතර සොල්දුදාවන් බල්ලන්ට පේ‍්‍රම කරනවා. පූසන්ට වගේම පූස් පේ‍්‍රමීන්ටද සාමූහික බැඳීම වගේ දේවල් නුහුරුයි. ඔබ සමූහයක හෝ ගැන්සියක කෙනෙක් නම් කොලු රැුලේ එකෙක් නම් ස්කොඩ් එකට තේරුන අයෙක් නම් ගෙදර පූසෙක් ගුලි වෙලා නිදාගෙන ඉන්න තියෙන ඉඩ අවමයි. ඔබ අභිවෘද්ධිකාමී ජේත්තුකාරයෙක් නම්, අරමුනු හඹා යන දේශපාලකයෙක් නම්' වෘත්තිමය මලල ක‍්‍රීඩකයෙක් නම් ටිපිකල් පූස්පේ‍්‍රමියෙක් නෙමෙයි. ෆුට්බෝල් ක‍්‍රීඩකයෙක් පූසෙක්ව හුරතල් කරනවා මවා ගන්න ටිකක් අමාරුයි. ඊට වඩා එහෙම කෙනෙක් බල්ලෙක් එක්ක ඇවිදින්න යන එක දකින්න ලේසියි.
- Catwatching-
Desmond Morris
No comments:
Post a Comment