නිකමට මෙහෙම හිතපන්. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න, ලෝකය ගැන තේරුම් ගැනීම වැඩි වෙන්න වැඩි වෙන්න අපේ දුක වැඩි වෙනවා නේද?
ඒ නිසා මේකට උත්තරේ දැනුම ප්‍රතික්ෂේප කර අපේ bubble එක ඇතුලේ ජීවත් වීමද? උදාහරණයක් කියන්නන්. මගේ යාළුවො අපි හමුවුනහම දේශපාලනය කතා කිරීම තහනම් කරලා තියෙන්නේ. අපි සෙට් උනහම අපි කතා කරන්නේ ප්‍රියංකා චොප්රා ගැන, කොරියන් චිත්‍රපට ගැන. ඒ වගේම මේ කට්ටිය හැමදාම පන්සල් යනවා. හදිස්සියෙවත් මන් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවම මන් ඒ අයගේ දරුණු හතුරෙක් වෙනවා. මගේ ලෝකය ගත්තොත් එහෙම, මට හැමදාම හිතෙන්නේ මන් කිසි දෙයක් දන්නේ නැහැ කියල. මේක පුදුම ආතතියක් මට. මට කවදාවත් මගේ දැනුම පරිපූර්ණයි කියල දැනෙන්නේ නැහැ. මේක ඇත්තටම හිතුවොත් මන් කිසි තේරුමක් නැතුව මගේ ජීවිතය දුකට ලක් කරගෙන නේද? ඇත්තටම මන් කල්පනා කළේ ඒ අයත් එක විදිහකට තමන්ගේ මතවාද දරුණු පරීක්ෂාවකට ලක් කරලා අදහස් වෙනස් කිරීමේ දුකෙන් මිදිලා තමන්ගේ ම ලෝකයේ සතුටෙන් ජීවත් වීමක් නේද බලාපොරොත්තු වෙන්නේ? ඒක හරි ද?
මීට වඩා තව එකක්. සමහර විද්‍යාඥයෝ ඉන්නවා ඔය න්‍යෂ්ටික විද්‍යාව ගැන පර්යේෂණ කරපු. ඒ අය හොඳටම දැනගෙන හිටිය විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ඒ අයගේ ජීවිතය කෙටි වෙනවා කියල. නමුත් ඒ අය ඒ දැනගෙන ම ඒ පර්යේෂණවල නියැලුනා.
චේ ගුවේරා ගන්න. දොස්තර කෙනෙක් නේ. හැබැයි ඔක්කොම අතඇරලා දාල වෙනත් රටක විප්ලවයක් කරන්න ගිහින් වෙඩි කාලා මැරුණා.
ආදරය ම ගන්න. එක සහකාරියක්/සහකරුවෙක් එක්ක ජීවිත කාලෙම එකට ජීවත් වීම දුකක් නෙවේ ද? ආදරය අහිමි වෙන බව දැන දැන ආදරය කරන අය?
අපි අපේ ජීවිතය දුකට පත් කරගන්න එක නේද ජීවිතය පුරාවටම කරගන්නේ? ඇත්තටම හිතල බැලුවොත් "නියම ම" සතුට තියෙන්නේ මේ දුක ඇතුලේ හැංගිලා නේද? දුක නැති සතුට තේරුමක් නැහැ නේද? මට නං ඇත්තටම තේරෙන්නේ නැහැ දරුවෝ හදාගෙන දුක් විඳින අයගෙයි, ඉපදිච්ච නිසා ම ජීවත් වෙන අපෙයි වෙනස.
No comments:
Post a Comment