(ඉස් ඉස්සෙල්ලාම-ඒ කියන්නෙ අවුරුදු පහ හයකට කලින් බ්ලොගකට ලියපු පෝස්ට් එක..අවුරුදු ගානක් ඩ්‍රාෆ්ට් වෙලා තිබිල,සැල්වේජ් කරන් අද පෝස්ට් කරනව...ඒ දවස් වල ලිපියක් ලියන්න කලින් මම කොච්චර ඒ ගැන හොයල තියේද අප්පා😋)
ආයුබෝවන්!!!!!
කොහොමද යාලුවනෙ ඉතින්!
මගෙ කුලුදුල් බ්ලොග් පොස්ට් එක…එහෙමත් නැත්නම් 0001 බ්ලොග් පොස්ට් එක. බ්ලොග් එකක් කරන්න කාලෙක ඉදල ආසාවක්
තිබුනත් ඇත්තටම ඒකට ඉඩක් ලැබුනෙ නෑ.ඒ වගෙම මගෙ හිතේ ලොකු අදහසක් තිබුනෙත්
නෑ,බ්ලොග් එක වෙන්න ඔන විදිහ ගැන...නමුත් මම කාලෙක ඉදල හොද බ්ලොග්
රසිකයෙක්. ඉතින් අනුන්ගෙ ඒවා කියවනවට අමතරව අනුන්ට
කියවන්න,මම දන්න දෙයක් ගැන ලියවෙන, බ්ලොග් එකක් කරන්න අන්තිමට තීරනය කලා.හෙමිහිට ගමන පටන් අරගෙන හෙමිහිටම
ඉදිරියට යන්න තමයි මගෙ අදහස යාලුවනේ. මේ ඒකෙ පලවෙනි පියවර..
ලියන්න හොද මාතෘකාවක් ගැන හිත හිත ඉද්දි අහම්බෙන් වගෙ මගේ
හිතට අපුරු අදහසක් ආව.ඇත්තටම මෙක චිත්තරපටි සම්බන්ද
මාතෘකාවක්. කාලයක් පුරා රිදී තිරයේ රැදිලා ඉන්න, ever green(සදාහරිත) චරිතයක් ගැන! අපෙ අය ගොඩක් චිත්තරපටි බලන්නත් කැමති
නිසා ටිකක් ඒක ගැන ලියන්න හිතුවා.
ඔයාල මෙ වෙනකොටත් අලුත්ම James Bond Movie එක බලල ඇති. SkyFall. කොහොම හරි මට මෙක බලන්න ලබුනෙ ඊයේ. ඒ වෙනකල් මම එකම එක James Bond Movie එකක්වත් බලල තිබුනෙ නෑ! ඇත්තටම මම හිතගෙන හිටියෙ James Bond Movies එච්චර හොද නැතුව ඇති කියල. එත් ඇත්තටම Skyfall බැලුවට පස්සෙ තමයි මට තේරුම් ගියෙ Jame Bondකියන්නෙ ලොකු සැලස්මකට ගහන අපුරු ෆිල්ම්
එකක් කියල. කතාව, සටන් ජවනිකා දෙබස් විතරක් නෙවි Theme Song එකත් හරිම අපුරුයි.
Skyfall
කියන්නෙ බොන්ඩ් චිත්තරපටි මාලාවෙ 23 වෙනි ෆිල්ම් එක. ඒ කියන්නෙ මීට කලින් ෆිල්ම්ස් 22 හදල තියෙනව. එකම චරිතයක් එක්ක ෆිල්ම්ස් 23!!!!!!!!!!
එකම චරිතයක් එක්ක ෆිල්ම්ස් 23
යනව කියන්නෙ ඒක පිටි පස්සෙ ලොකු කතාවක් තියනව කියන එක. ඒ විතරක් නෙවි..රසිකයන්ට මෙච්චර කාලයකට බොන්ඩ් ව එපා වෙලා නෑ කියන එක..මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙන මම දන්න
වෙන ෆිල්ම් එකක් නම් ඇත්තටම නෑ.
ඒ නිසාම මට හිතුන අනික් බොන්ඩ් ෆිල්ම්ස් ටිකත් හොයාගෙන බලන්න. ඒ විතරක් නෙවි මම ඇත්තටම Bond Movie Series එක ගැන ටිකක් හෙව්ව.එතකොට මට ගොඩක් බොන්ඩ් ගැන,ඒ චරිතයට පන දීපු නලුවො ගැන, Direct කරපු අය ගැන,Theme Songs ගැන...........ඔය වගෙ ගොඩක් දෙවල් ගැන විස්තර හොයා
ගන්න පුලුවන් උනා. ඉතින් මට හිතුන ඒ විස්තර මගෙ බ්ලොග් යාලුවොත් එක්ක බෙදා ගන්න..මේව ගැන විස්තර දන්න අය ඇති..නොදන්න අයත් ඇති...හැමොටම දැන ගන්න එක්ක ෆිල්ම් විසි
තුනකින් අවුරුදු 50 කාලයක් අපිව අමන්දානන්දයට පත් කරපු James Bond ගැන ඔයාලට කම්මැලි නැතුව කියවන්න
පොස්ට් එකක් ලියනව.
ඒ විතරක් නෙවි ඉස්සරහට බොන්ඩ් ගෙ ෆිල්ම් විසි තුනම
විස්තරත් එක්කම මම ඔයාලට දෙනව.
හරි මෙහෙමයි විස්තරේ පටන් ගන්නෙ!
එක්සත් රාජධානියෙ,නැත්තම් බ්රිතාන්යෙ MI6 කියන රහස් ඔත්තු සේවය වෙනුවෙන් පෙනී
ඉන්න James Bond චරිතය -Code Name 007-නිර්මාණය වෙන්නෙ Ian Fleming කියන ඇමෙරිකානු ලේඛකයා අතින්. ඒ 1953 දි නව කතාවක් විදිහට. ෆ්ලෙමින්ග්,බොන්ඩ් ගෙ චරිතය ආශ්රයෙන් නව කතා 12 කුත් කෙටි කතා 2 කුත් රචනා කරල තියෙනව.1962 දි ෆ්ලෙමින්ග් මිය ගියාම පස්සෙ කලෙකදි
වෙන අයත් අවසරය ඇතුව බොන්ඩ් කතා ලියල තියෙනවා,හැබැයි බොන්ඩ් චරිතය නිර්මාණය කිරිමේ
ගෞරවය අයිති වෙන්නෙ ෆ්ලෙමින්ග් ට.
ෆ්ලෙමින්ග් බොන්ඩ් Novels ලියුවෙ පහත පිලිවෙලට.
·
1953 Casino Royale
·
1954 Live and Let
Die
·
1955 Moon raker
·
1956 Diamonds Are
Forever
·
1957 From Russia,
with Love
·
1958 Dr. No
|
·
1960 For Your Eyes
Only (short stories)
·
1961 Thunder ball
·
1962 The Spy Who
Loved Me
·
1963 On Her
Majesty's Secret Service
·
1964 You Only Live
Twice
·
1965 The Man with
the Golden Gun
·
1966 Octopussy and
The Living Daylights (short stories)
|
බ්‍රිතාන්‍යය වෙනුවෙන්, දෙවෙනි ලොක යුද්ධයට සහභාගි වුන ෆ්ලෙමින්ග්,තමන්ට යුද බිමෙදි හම්බ වුන රහස් ඔත්තු
කරුවන්ගෙ සහ කොමාන්ඩො සොල්දාදුවන්ගෙ ක්‍රියකාරකම් , ඒ වගෙම ඔවුන්ගෙ චරිත පාදක කරගෙන, බොන්ඩ් චරිතය ගොඩ නැගුව බවයි සඳහන්
වෙන්නෙ.ෆ්ලෙමින්ග් නාවුක බුද්ධ් අංශයේ සේවය
කරලත් තියෙනව.එහිදි ලබපු අත්දැකීම් ඔහුව සුපිරි
එජන්තවරයෙකුගෙ චරිතය නිර්මාණය කරන්න පොලඹවපු බවයි ෆ්ලෙමින්ග් පස්සෙ කාලෙක ප්‍රකාශ
කරල තියෙන්නෙ.ඔහු යාලුවෙකුට වරක් කියල තියෙනව තමන් “රහස් එජන්ත වරෙයෙකුව නිර්මාණය කරන බවත්
ඒක අනිත් සියලු රහස් පරික්ශක කතා වල අවසානය” වන බවත්.
හරියටම 1954 දි ෆ්ලෙමින්ට CBS නාලිකව ඩොලර් 1000 කතෘ අයිතිය විදිහට ගෙවල Casino Royal කතාව Tv Episode එකක් විදිහට ප්‍රචාරය කරනව.ඇත්තටම එක “අඩු බජට් එකකින් කරපු කලු සුදු episode එකක්”. බොන්ඩ් ගෙ චරිතයට Barry Nelson කියන අමෙරිකානු නලුවා පන පොවනව.ඉතිහසයෙ අපිට හම්බ වෙන පලවෙනි බොන්ඩ්
නලුවා තමයි Barry.
Barry Nelson
Barry
බො
හොම normal විදිහට බොන්ඩ් චරිතය කරපු බවත් ,හිනා යන විදිහෙ සටන් ජවනිකා කිහිපයකින්
episode එක රසවත් උන බවත් කියවෙනව,කොහොම උනත් Casino royale කතාව සිත් ඇද ගන්න විදිහට නිර්මණය වෙලා
තියෙනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ 1956 දී
ෆ්ලෙමින්ගෙ Moonraker කියන බොන්ඩ් novel එක දකුණු අප්‍රිකනු රේඩියෝ කතාවක් විදිහට ප්‍රචාරය
වෙලා තියේ.ඉතිහාසයේ බොන්ඩ් කතාවක් රේඩියෝ
නිර්මාණයක් විදිහට පෙරලුන පලවෙනි සහ එකම වතාව මේක.බොන්ඩ් ගෙ චරිතයට හඬ දායකත්වය සපයල
තියෙන්නෙ, Bob Holness කියන පස්සෙ කාලෙක නලුවෙක් විදිහටත්
ජනප්‍රිය වුන කෙනෙක්. මේක සජීවීව විසුරුවා හැරල තියෙන නිසා
කිසිම Reording එකක් ගැන වාර්තා වෙන්නෙ නෑ..
ඉතිහාසයේ පලවෙනි බොන්ඩ් චිත්‍රපටිය නිෂ්පාදනය වෙන්නෙ 1962 දි EON ආයතනය මගින්.එදා මෙදා තුර බොන්ඩ් හැම චිත්‍රපටියක්ම
නිෂ්පාදනයකරල තියෙන්නෙ EON
ආයතනය .ෆ්ලෙමින්ග් 1958 දි ලියපු Dr,No කියන නව කතාව පාදක කරගෙන නිපදවුන Dr,No චිත්‍රපටිය පටන් ගන්නෙ, බොන්ඩ් චිත්‍රපටි සේරටම අනන්‍ය වුන වෙළද සලකුණ(Trade
mark), gun
barrel sequence
seen එකත් එක්ක.
“gun
barrel sequence කියන්නෙ, ඔයාල දැකල තියනවද, (මේක මුල් කාලෙ ආපු බොන්ඩ් ෆිල්ම් වල මුලින් තිබුනෙ,නමුත් දැන් එවගෙ නම් යන්නෙ Film End එකට පස්සෙ) බොන්ඩ් සුදු පාට කවයක් එක්ක ඇවිදගෙන යනව,ඇත්තටම ඒක බොන්ඩ් ට එල්ල කරපු තුවක්කුවක බැරල් එක ඇතුලෙන් පේනවිදිහට
පෙන්නන්නෙ. බොන්ඩ් අවිදගෙන යනකොට ඒකත් බොන්ඩ් එක්කම ගමන් කරනව.බොන්ඩ් එක පාරටම තමන්ව ඉලක්ක වෙලා කියල දැන ගන්නව.එතකොටම එයාගෙ පිස්ටල් එක ඇදල අරගෙන වෙඩි තියනව.ලේ කාන්දු වෙනව පෙන්නනව.ඊට පස්සෙ Title ටික එහෙම දානව.”
Dr,No
හි මේ seen එක කරන්නෙ stun නලුවෙක් උන Bob Simmons.
Bob Simmons.
පලවෙනි James Bond නැත්තම් 007 විදිහට Silver screen එකෙ පෙනී ඉන්නෙ Sean Connery. 1962 ඉඳල 1967 වෙනකල් එක දිගට ෆිල්ම් 5 කම බොන්ඩ් ට පන දීපු Sean ගෙ unique ස්ට්යිල් එක නිසා Dr,No මාර විදිහට හිට් වුන ෆිල්ම් එකක් වෙලා
තියෙනවා. ඊට පස්සෙ ආපු මේ බොන්ඩ් ෆිල්ම් වලත් James Bond ට රඟ පෑවෙ Sean තමා, From
Russia with Love, Goldfinger, Thunderball , You
Only Live Twice
Sean Connery
ඊට පස්සෙ එයා තාවකාලිකව චරිතයෙන් සමු අරගන්නව.ඒ අතරෙ නිපදවෙන On Her Majesty's
Secret Service කියන ෆිල්ම් එකේ බොන්ඩ් ට යොදා ගන්නෙ George Lazenby කියන නලුවව.
මෙයා
මොඩලර් කෙනෙක්.ඒ විතරක් නෙවි ඒ කාලෙ ලොකයෙ වැඩිම ගෙවීමක්
කරපු මොඩ්ලෙර්.නමුත් මෙයා බොන්ඩ් වෙන්නෙ එක චිත්‍රපටියක
විතරයි. ඊට පස්සෙ Sean අයෙමත් බොන්ඩ් ට පන දෙන්න රිදී තීරයට එනවා.ඒ 1971 දී තිරගත වුන Diamonds Are
Forever කියන චිත්‍රපටියෙන්.
මේ අතරෙම තවත් බොන්ඩ් TV episode එකක් සහ චිත්‍රපටියක් නිෂ්පාදනය වෙනවා.නමුත් ඒවා EON නිෂ්පාදන නෙවෙයි. උදාහරනයකට 1967 දි තිරගත වුන Casino Royale දක්වන්න පුලුවන්.මෙහි බොන්ඩ්ට රංගනයෙන් දායක වෙන්නෙ David Niven.
Sean ව
අයෙත් බොන්ඩ් ගෙ චරිතයට යොදා ගන්නට නිෂ්පාදක වරුන්ට ඩොලර් මිලියන 1.25
අධික මුදලක් ගෙවන්න සිදු වෙනවා.නමුත් Sean මේ
මුලු මුදලම ස්කොට්ලන්තයේ
අධ්‍යාපන පුන්‍ය ආයතනයකට ලබා දෙනවා.පසුව
ඔහු බොන්ඩ් චරිතයට සමු දෙනවා. 1964 දි
බොන්ඩ් Tv Episode
එකේ බොන්ඩ් චරිතය කරපු
Roger Moore ඊලගට
බොන්ඩ් ට යොදා ගන්න EON ආයතනය
තීරනය කරනවා.
Roger Moore
ඉතිහසයෙ වැඩිම වතාවක් බොන්ඩ් ට රඟපාපු නලුවා වන Moore බොන්ඩ් ෆිල්ම් 7 කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.පහත දැක්වෙන්නෙ ඒ චිත්‍රපටයි.
·
Live
and Let Die(1973)
·
The Man with the Golden Gun(1974)
·
The Spy Who Loved Me(1977)
·
Moonraker(1979)
·
For Your Eyes Only(1981)
·
Octopussy (1983)
·
A
View to a Kill(1985)
Roger Moore
1987
The Living Daylights චිත්රපටියෙ රඟපාමින් Timothy Dalton කියන
නලුවා බොන්ඩ් ලෙස කරලියට පැමිනෙනවා.මෙතෙක්
කාලයකට බිහිවුන හොඳම බොන්ඩ් නලුවා ලෙස රසිකයන් වැළඳගත් ඔහු ෆිල්ම් දෙකකින්
The
Living Daylights 1987
Licence
to Kill 1989
පසු ඉවත් වෙනවා. ඒ
නෛතිකමය ගැටලුවක් නිසා.
Timothy Dalton
1995 ඉඳලා බොන්ඩ් චරිතය
කරන්න බාර දෙන්නෙ Pierce Brosnan ට.ඇත්තටම ඔහු බොන්ඩ් චරිතය හරහා අතිශය ජනප්‍රිය
තත්වයට පත් වෙනවා.
ලෝක ප්‍රසිද්ධ වෙලඳ
දැන්වීම් කිහිපයකටම පෙනී ඉන්නත් ඔහුව යොදා ගැනෙනවා.
Pierce Brosnan
Goldeneye(1995), Tomorrow
Never Dies1997), The
World is Not Enough(1999) සහ Die
Another Day(2002) යන මෑත කාලීන බොන්ඩ් චිත්‍රපට ඔහුගෙ රංගන කුසලතාවයෙන් ඔප් නැංවුනු
ඒවායි.
අවුරුදු
ගානක ගැප් එකකින් පස්සෙ 2006 දී Casino Royale ෆිල්ම් එකත් එක්ක Daniel Craig කරලියට එනවා.නමුත් බොහො දෙනෙක් Daniel
Craig ට කැමති
වෙන්නෙ නෑ. Craig චරිත්යට
නුසුදුස්සෙක් බව ප්‍රකාශ වෙනවා.නමුත් චිත්‍රපටිය
තිරගත විම පටන් ගැන්මත් එක්ක හැම දේම වෙනස් වෙනවා.සාර්තකම සහ වටිනාම බොන්ඩ් නලුවා බවට Daniel Craig පත් වෙනවා.
Quantum of Solace(2008)
Skyfal(2012)
චිත්‍රපට
ඔහුව තව තවත් ඉහලට ඔසවා තබනවා.
2012 ඔලිම්පික් සමාරම්භක
උලෙළට දෙවන එලිසබෙත් රැජිනිව රැගෙන යාම බාර වෙන්නෙද James Bond ටයි. ඒ අලලා Danny Boyle,අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටය බොන්ඩ් 50 වන සැමරුම වෙනුවෙන්
ප්‍රකාශයට පත් කෙරුනා.
බොන්ඩ්
චරිතය ගැන පොඩි හැදින්වීමක් විතරයි මම කලෙ.ඊට අමතරව බොන්ඩ් එක්ක එන,
අමුතු විදිහෙ ගැජට්,බොන්ඩ් ගෙ ගන්ස්,
ඒ විතරක් නෙවි බොන්ඩ් පාවිච්ච් කරපු ඇස්ටින් මාටින් කාර්ස්, ඔය වගෙ ගොඩක් දෙ
තියේ.චිත්‍රපටි දෙන අතරෙම
මම ඉදිරියට ඒ විස්තර ටික දෙන්නම්........
ඉතින්
ඔයලට,මේ පොස්ට් එක කියෙව්වට පස්සෙ James Bond ගැන පොඩි හරි Interest එකක් ඇති වෙන්න ඇති කියල මට හිතෙනවා.ඉදිරියට එකින් එක බොන්ඩ් ෆිල්ම් විසි තුනම මම
ඔයාලට දෙනවා.ඒ විතරක් නෙවි,ඉස්සරහට
මගෙ බ්ලොග් එක හරහා අපුරු චිත්‍රපටි ගොඩාක් ඔයාලට දෙන්නත් මගෙ ලොකු
බලාපොරොත්තුවක් තියෙනවා.
එහෙනම් ඊලග
පොස්ට් එකෙන් අයෙත් ඉක්මනටම හම්බ වෙමු..!!!!!












