Friday, October 9, 2020

කෝස්ටල් පොලියුශන්

ඊයෙ ටිකක් හවස් වෙන්න වගෙ "ක්‍රෝ අයිලන්ඩ්"බීච් පාක් එක පැත්තෙ පොඩි රවුමක් දැම්මා.වැහි පොදේ වගේ නිසා වෙන්න ඇති වැඩිය කවුරුත් කස්ටිය හිටියෙත් නැහැ.ක්‍රෝ අයිලන්ඩ් එකේ ඉදල බලද්දී අරෙහෙ හාබර් එක පැත්තෙ ඉදල මෝදර,බෝපිටිය පැත්තට වෙනකල් වගේ කෝස්ටල් ලයින් එක හොදට පේනවා..සී වීව් එක ලස්සන උනාට බීච් එක දිහා බලපුවහම නම් අයියෝ සංසාරේ කියල හිතුනා.මුලු බීච් එකම තනිකරම කුනු ලන්දක්.ප්ලාස්ටික්,පොලිතින්,ඔය ස්වීට්ස් අනන් මනන් පැකට් එකී මෙකී හැම ජාතියකම කුනු වලින් බීච් එක වැනසිලා..

ලංකාවේ කෝස්ට් ලයින් එක නැත්තන් වෙරල තීරයේ මුලු දිග කිලෝ මීටර 1350ක් .ඒ කියන්නෙ හැතැක්ම අටසිය හතලිහක් විතර.මුලු වෙරල තීරයෙන් සියේට අසූ පහකට වඩා ජනාවාස වෙලා තියෙන්නෙ.(මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්).කැස්බෑ විශෙෂ පහක්,සාගර ක්ශීරපායින් තිහක් විතර තමන්ගේ මේටින් සීසන් එකෙන් පස්සෙ කැදැල්ල හදා ගන්නෙ,බිජු දාන්නෙ මේ වෙරලෙ.ඔය වෙරලත් එක්ක තියෙන මුහුදු තීරයෙ මත්ස්‍ය විශේෂ 200  හෝ ඊට කිට්ටු සංඛාවක් ඉන්නවා.ජීව විද්‍යාත්මකව ගත්තත්,පාරිසරික විද්‍යාත්මකව ගත්තත් කෝස්ටල් ලයින් එකේ තියෙන අගය සෑහෙන්න ඉහලයි.

සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් දවසකට කසල කිලෝ පහක් විතර නිපදවනවා.ඒකෙන් මිස්මැනේජ් කරන ප්ලාස්ටික් වේස්ටේජ් එක 0.29kg.කසල බැහැර කිරීම හෝ කසල ප්‍රතිචක්‍රිකරණය ගැන කිසිම විදිහක දල අදහසක් වත් රටේ බොහෝ දෙනෙකුට නෑ.අවසානයේ ඔය කුනු ගොඩක් නතර වෙන්නෙ ලගම තියෙන ජල ප්‍රවාහයකින්.      දවසකට  ලංකාවේ හතර පැත්තෙන් ගංගා මුහුදට  ගලන්නෙ කුනු ටොන් ගානක් අරගෙන  අන්තිමේදී.2010 ආපු වාර්තාවකට අනුව මුහුදට ප්ලාස්ටික් ඩිබ්‍රීස් දාන රටවල් වලින් අපි ඉන්නෙ 5th ප්ලේස් එකේ..පට්ටනේ..අපි අවුරුද්දකට මුහුදට ප්ලාස්ටික්/පොලියුරතීන් මෙට්‍රික් ටොන් 1.59 මිලියනයක් කිසි ලැජ්ජාවක් නැතුව ඩම්ප් කරනවා.ඕකේ අනික් හිනා යන කාරනේ ඉස්සරහ කප් ගහපු හැම රටකම ජනගහනය අපේ රටේ වගේ කීප ගුනයක් වැඩී.ඒ චීනය,ඉන්දුනීසියා,වියට්නාමය සහ මියන්මාරය.හැම රටකම ජනගහනය මිලියන අසූවට වැඩී.අපේ..මිලියන විසි දෙකකට කිට්ටු ඇති..ඔය මුහුදු වෙරලෙ සහ මුහුදෙ තියෙන කුනු වලින් සියේට දහයයි මුහුදු වෙරලෙම ඩිරෙක්ට් හලපුව.ඉතුරු සියේට අනූවම රට හැම තැනින්ම මුහුදට එකතු වෙන ඒවා..මේ ප්‍රශ්නෙදි "අපි ඉන්නෙ ඩොටේනෙ,අපි මුහුදට කුනු දාන් නෑනේ"කියල අත පිහද ගන්න කාටවත් බෑ..මට්ටක්කුලියේ ඉන්න එකා වගේම කැන්ඩි ඉන්න එකත් කුනු දාන්නෙ මුහුදට තමා...

මේ ප්‍රශ්නෙන් ඉස්සෙල්ලම ටොපිය සෙට් වෙන්නෙ කැස්බෑවුන්ට. ලෝකෙ ඉන්න  කැස්බෑවුන්ගෙන් සීයෙට පනහක් වත් මේ වෙනකොට පොලිතින් ආහාරයට අරගෙන තියෙනවා කියල සැලකෙනවා,ඒ වගේම  සෑහෙන්න ගානක් මිය යනවා කසල ආහාරයට ගැනීමෙන්.ඔය අලි මැරෙන්නෙ කුනු කාලා.ඒ වගේම තමා.අවුරුදු සිය ගනන් මුහුදේ පාවෙවී ඉන්න ඔය ප්ලාස්ටික් පොලිතින් වලට පුලුවන්.පස්සෙ ඕව හෙමින් සාගර ආහාර දාම ව්ලට එකතු වෙනවා..ලයින් එකේ උඩම  ඉන්න එකාගෙ බොක්ක අන්තිමට වැඩියෙන්ම පිරෙන්නෙ ඕවයින්..අපෙත් ප්‍රෝටින් අවශ්‍යතාවයෙන් සියේට හැත්තෑවක්ම පිරෙන්නෙ මුහුදු මාලුන්ගෙන්..ඉතින්???

ටුවරිස්ම් ව්ලටත් මේක හෙන ඇනයක් වේගෙන යන්නෙ.සුද්දෝ ලංකාවට එන්නෙ වෙන මොකවත් හින්ද නෙවෙයි,බීච් එක හින්ද..කොරල් අස්සෙ ස්කූබා ඩයිවින් පාරක් ,ස්නොර්ක්ලින් පාරක් දාලා,තල්මහෙක් බලල,බීච් එකෙ ටිකක් ඉදල ස්කින් එක ටෑන් කරන්  යන්න. බීච් එක පොලියුට් වේගෙන යන වේගෙට මෙහෙම ගියොත් සුද්දෙක් තියා සුද්දගෙ  බල්ලවත් බීච් එකට කිට්ටු කරන්නෙ නෑ.

ලංකාව වටේ තියෙන මුහුදු කලාපය ආරක්ෂා කර ගැනීමේ තිරසාර වැඩ පිලිවෙලක් දැන්වත් මේ රටේ ආරම්භ වෙන්න ඕන..ඒක මුහුදු කලාපයට විතරක් සීමා නොවී මුලු රටම දැන්වත්ව සිදු විය යුත්තක්..එහෙම නැති උනොත් අර විද්‍යාඥයන් කියනවා වගේ තව ටික කාලෙකින් මුහුදෙ මාලුන්ට වඩා පොලිතින් ප්ලාස්ටික් තියේවී..දැනටමත් වෙලා තියෙන හානිය සෑහෙන්න වැඩියි.අපි කෙසේ වෙතත් තව අවුරුදු කිහිපයකින් එන "ජෙනරේශන්"එක අපි මුහුදට කරපු සහ කරන හැම වැරද්දකටම හරියන්න දරුණු විදිහට වන්දි ගෙවාවි කියලයි මටනම් හිතෙන්නෙ..

No comments:

Post a Comment