ඇවිදින
කරන මුවීස් ඒ කියන්න්නේ ට්රැවල් කරන කන්සෙප්ට් එක්ක දුවන මුවීස් කියන්නේ මගේ ප්රියතම "ජීන්"එක.පටන් ගන්න
තැන ඉදල ඉවර වෙනකල්ම මාරම විදිහට විදින්න පුලුවන් ගතියක් ඕවගේ තියෙනවා.බලපු ට්රැවලින් මූවීස්
ගොඩක් අතරින් තෝර ගත්ත කිහිපයක් ගැනහරි මක්කවත් ලියන්න හිතුනෙ, මේ මූවීස් බලල
මම විදපු දේ තව කෙනෙක්
එක්ක සෙයාර් කර නොගන්න එක
එක්තරා විදිහක කුහක කමක් වගේ නිසා.
“Wes
Anderson “කියන්නේ මගේ
ප්රියතම ඩිරෙක්ටර් සෙට් එකෙන් එක්කෙනෙක්.මනුස්සයගේ මූවීස් වල අමුතුම ලස්සනක්
තියෙන්නේ.ලොකේශන්,කලර්ස් කැරැක්ටර්, අවුට්ෆිට් සේරම."මූන්රයිස් කින්ඩම්" හරි ලගදි ආපු පට්ටම පට්ට මූවී එකක් වෙච්චි "ග්රෑන්ඩ් බුඩපේස්ට්
හොටෙල්"හරි බලපු කෙනෙක් මාත් එක්ක ඕකට ඔය විදිහටම එකග
වෙයි කියල හිතනවා.මේ කියන්න යන්නේ
දෙදහස් හතේදි එලියට ආපු මුන්නැහැගේ "The
Deerjling Limited” ගැන.
මූවී
එක කැරකෙන්නේ ප්රදාන කැරැක්ටර් තුන්ක් වටේ. Francis (Owen Wilson),
Peter (Adrien Brody) and Jack (Jason Schwartzman).මෙයාල එකකුස උපන් සහෝදරයෝ.තාත්තා මැරුනට පස්සේ සහොහරයෝ තුන්දෙනා වෙන්වෙනවා.තම තමන්ගේ ප්රශ්න අස්සේ හිර වෙනවා.මේ අතරේ ෆ්රැන්සිස් "සුයිසයිඩ්"කර ගන්න උත්සහ කරනවා.දෙවෙනියා පීටර් තාත්තා කෙනෙක් වෙන්න යනවා.බාලය ජැක් සම්බන්දයක් ඉවර කරගන්නවා.හැමෝම ඉන්නේ එක්තරා විදිහක මානසික කඩාවැටීමක.තාත්තගේ මලගෙදරට වත් ආවෙ නැති ඉන්දියාවේ ඉන්න අම්මව මුන ගැහෙන්න හිතාගෙන සහෝදරයෝ ටික ආයේ එකතු වෙනවා.ඊට පස්සේ ට්රේන් එකෙන් ඉන්දියාව හරහා ලොකු ගමනක් යනවා.
මූවී එක පුරා යන්නේ මේ ගමන නැත්තම් අපුරු චාරිකාව පදනම් කරෙගෙන.
ඉන්දියාව
කියන අරුම පුදුම රටේ භූමි දර්ශන ඇන්ඩර්සන් ටච් කරගෙන තියෙන විදිහ ගැන කියන්න වචන නැහැ.කලර්ස්,,සාමන්ය ඉන්දියන් මූවී
එකකවත් නොදැකපු වයිවර්ණ "සීනරීස්"මම මේකෙන් හොදටම
අත්වින්දා.එයිටාමතරව ඉන්දියානු ජන ජීවිතය ගැනත්,ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාසයන් ගැනත්
මහා ලොකුවට ඩීප් නොගියට ලස්සනට කතා කරන්න "වෙස්"හොද ට්රයි එකක්
දීලා තියෙනවා.චරිත වලින් "ඔවන් විල්සන්" ගැන කියන්නම ඕනි.විල්සන්ගේ කැරැක්ටර් එක
මූවී එක පුරාම හොදට
බැලන්ස් කරල තීබ්බා.විල්සන්ගේ වෙනද දකින සාමන්ය කොමඩීයන් වෙනුවට
ටිකක් සීරියස් ,අමුතු මනුස්සයෙක්ව වෙස් එලියට අරන් තිබ්බ.ඒඩ්රියන් බ්රෝඩීගේ දැකපු
හොදම ඇක්ටින් එක කියල කිව්වට
වැරැද්දක් නැහැ. ජේසන් ගේ ජැක් ගේ
හොදම පර්ෆොමන්ස් මම දැක්කේ "ට්රේන් ස්ටුවඩ්රස්
රීටා"එක්ක කරපු රොමෑන්ටික් දර්ශනයෙදි.
චිත්රපටියේ ස්ලෝ මෝශන් සීන් කිහිපයකටම මියුසික් ට්රැක්ස් කිහිප්යක්
දාලා දෙන්න ට්රයි කරන"ඉමොශන්ල් ඩිලිවරි"එක මාර ස්ටෑන්ඩර්ඩ්.අන්තිම දර්ශනේදී මෙච්චර කාලයක් ඉන්දියාව පුරා ඇදගෙන ගිය ට්රන්ක සේරම
වීසී කරල සහෝදරයෝ ටික අමාරුවෙන ඇවිත් ධාවනය වෙන ට්රේන් එකේ
එල්ලෙනවා.ඒක එක්තරා විදිහක
ඔලුව තියෙන බර සේරම පැත්තකට
කරල අපිව ආයෙත් අපිව එක්කම රීයුනියන් කරවනවා.
හැම
දේම අමතක කරවල තියෙන මොනා හරි ටික බෑග් එකක පටවගෙන කොහේ හරි දිහාවක ,අපිව හොයාගෙන යන "ස්පිරිචුවල් ජර්නි"එකක් පටන් ගන්න මෝටිවේශන් එකක් ඕනි නම් බලන්න තියෙන හොදම මූවී එක මේකයි කියල
මට හිතෙන්නේ,,
No comments:
Post a Comment